Author: accioAdmin

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතාවගේ සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දූව මහතා පවසනවා. බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි පොලිස් කණ්ඩායම් 20ක් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම්වලදී මෙලෙස ජනතා සහාය අත්‍යාවශ්‍ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ. අවශ්‍ය සැකකරුවන් හා ගිනි අවි සොයාගැනීමට තොරතුරු ලබා දෙන්නන් වෙත ලබාදෙන ත්‍යාග මුදලද වැඩි කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන නීතිය මෙම පනත මගින් සංශෝධනය කෙරෙනු ඇති පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමට පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ අතර එහි දැක්වුණේ ගෙවීම් පැහැර හැරෙන ණය මුදල් සම්බන්ධයෙන් ඇප වශයෙන් බැංකුව වෙත උකස් කර ඇති දේපළ වෙන්දේසියේ විකිණීම අදාළ පනත සම්මත වන දිනයේ සිට දෙසැම්බර් 15 වැනිදා දක්වා අත්හිටුවීමටයි .

තව කියවන්​න

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩි වී ඇති බවට හෙළි වූ නවතම දත්ත වාර්තා වලට අනුවයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ මෙලෙස සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට තුළ කුලි නිවාස වෙළෙඳපොල තරගකාරීත්වය ද නොසිතූ ලෙස වර්ධනය වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තව කියවන්​න

2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කරනු ලැබුවා. එඅනුව ජාතික නැකැත් කමිටුව ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමින් 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විකල්ප නැකත් සිට්ටුවක් ඔවුන් අද දිනයේදී ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව රාත්‍රී නැකැත් වෙනුවට උදෑසන නැකැත් ඇතුළත් කරමින් මෙම විකල්ප නැකැත් සීට්ටුව ඉදිරිපත් කර තිබෙනවා. එම සංගමයේ නියෝජිත ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී, ජනක මාධව නවරත්න මහතා පවසා සිටියේ, මෙවර අලුත් අවුරුදු උදාව 13 වනදා අපරභාග 9.05ට සිදුවන බවයි.. විකල්ප නැකත් සිට්ටුවට අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 වන දා අපරභාග 2.41 සිට අප්‍රේල් 14…

තව කියවන්​න

රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී ශීඝ්‍රගාමී දුම්රියට පැන ගැබිනි මවක් සියදිවි හානිකරගෙන තිබෙනවා. රත්ගම පොලිසිය සඳහන් කලේ නුවර සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට පැන මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ බූස්ස කැඳල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පාසල් ගුරුවරියක් බවයි. පවුල් ආරවුලක් මත ඇය මෙසේ දුම්රියට පැන සියදිවි නසාගන්නට ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ.

තව කියවන්​න

මෙරට දරුවන්ගෙන් 50%ක් දිනකට දෙවරක් දත් නොමදින බව අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය් සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා පවසනවා. ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කුඩා දරුවන් හා ගැබිණි මව්වරුන් නිතර නිතර ආහාර ගන්නා බැවින් දත් දිරායාමේ වැඩි ප්‍රවනතාවක් ඔවුන් තුල පවතින බවයි. එබැවින් පැණිරස ආහාර ලබා ගැනීමේදී එය පැය දෙකකට වරක් සිමා කල යුතු බවයි ඒ මහතා සඳහන් කලේ

තව කියවන්​න

කුමන ආකාරයේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු පසුබෑමකට ලක් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කලා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණයන් රටේ නීතියක් බවට පත් කිරීමට රජය සූදානම් බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සමග සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලා. විශේෂයෙන් ම බදු ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයක් පිළිබඳ ක්‍රිෂ්ණමූර්ති මහතාගේ අවධානය යොමු වූ අතර සේමසිංහ අමාත්‍යවරයා කියා සිටියේ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් ලක්ෂ හතරක් පමණ දක්වා අඩු වූ ආදායම් බදු…

තව කියවන්​න

බලපෑම්පවතින අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් නිවෙස් තුළ ඇති කරන සුරතල් සතුන් සත්ව ආඝාතයට පත්වීමේ අවදානමක් මතුව තිබෙනවා. සත්වවේදීන් පෙන්වා දෙන්නේ මෙලෙස පාරිසරික උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වීදි සුනඛයින්, ගෘහාශ්‍රිත සුරතල් සතුන් මෙන්ම වනජීවීන්ද දැඩි බලපෑමට ලක්ව තිබෙන බවයි. එමෙන්ම නිවෙස් තුළ ඇති කරන සුනඛයින්, බළලුන් වැනි සතුන් අධික උණුසුම හේතුවෙන් තාප ආඝාතය තත්වයට ද පත්වීමේ අවදානමක් පවතිනවා. සුරතල් සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දිනකට දෙතුන්වරක් නැහැවීම මෙන්ම සතුන් වෙනුවෙන් ජල බඳුනක් වෙන්කර තැබීමද වඩාත් සුදුසු බවයි පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෑතකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් විසින් අදාළ ගෙත්සම ගොනු කර තිබුනා. ඒ අනුව මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැදවන ලෙසයි. මෑතකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට…

තව කියවන්​න

අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ සිදුව ඇති ඉරිතැලීම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකොට සතියක් ඇතුළු වාර්තාවක් ලබදෙන ලෙස විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉන බැඳි පටියේ කොටසක් හෙවත් ‘පටි ධාතුව’ නිදන් කර ඇති ජේතවනාරාමය ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ මහසෙන් රජ සමයේ ඉදිකර ඇති බව මහා වංශයේ සඳහන්. ගඩොලින් ඉදිකරන ලද ලොව විශාලම ස්ථූපය ලෙස සැලකෙන මෙම ස්තුපය අඩි 400ක උසකින් යුක්තයි. ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙම ස්ථූපය සංරක්ෂණය කර වන්දනාමාන කටයුතු සඳහා සැදැහැවතුන්ට විවෘත කෙරුනේ 2009 වසරේ සිටයි. කෙසේ වෙතත් අද වනවිට ජේතවනාරාම ස්ථූපයේ ස්ථාන කිහිපයක ඉරි තැලීම් දක්නට ලැබෙන බව සඳහන්.

තව කියවන්​න