- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
Author: accioAdmin
පොලිතීන් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ටත් මුළු බිලෙන් සියයට එකක වට්ටමක් දෙන ලෙස පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනවලට අද නිර්දේශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපතිපාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් දැනුම් දෙන බව එම ආයතන කාරක සභාවට දැනුම් දුන් බවයි. මේ අතර පොලිතින් බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට රුපියල් පහක වට්ටමක් ලබාදීමට සුපිරි වෙළෙඳසල් හිමිකරුවෝ එම කාරක සභාව හමුවේ එකඟ වී තිබෙනවා. මේ අතර ප්ලාස්ටික් බෝතල් වලට කිව්.ආර් කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම…
නිවැරදි නායකයකු සහ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ වගකීම බව ජාතික සිවිල් සංවිධාන පෙරමුණ පවසනවා. එහි සාමාජික ජනක රත්නායක මහතා සඳහන් කලේ කිසිඳු අවස්තාවක ජනතාවට එම වගකීමෙන් ගැලවිය නොහැකි බවයි. එසේ සිය වගකීම් පැහැර හැරීමට ජනතාව කටයුතු කළහොත් මෙතෙක් පැවතී අදුරදර්ශී පාලනය ඉදිරියේදීත් පැවතිය හැකි බවයි ඒ මහතා සඳහන් කලේ.
ජාතික මුරුංගා ප්‍රවර්ධන දිනයක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කොට තිබෙනවා. වර්තමාන ලෝකයේ බොහෝ රටවල අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධයක් ලෙස සලකන මුරුංගා ශාක පත්‍රවල ඇති එම පෝෂණය ගුණය පිළිබඳ තොරතුරු මෙරට ජනතාව අතරට ගෙනයෑම හා මුරුංගා ශාක වගාව සෑම නිවෙසකම ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි . ජපානය කරන ලද පර්යේෂණවලින් මුරුංගා කොළවල විටමින් සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු බව හඳුනාගෙන තිබෙනවා. එබැවින් මුරුංගා ශාකය මෙරට වැඩිදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව මෙම විශේෂ දිනය හඳුන්වා දීමට කටයුතු කර ඇති බව සඳහන්. එමෙන්ම මුරුංගා ශාක පත්‍ර හි ඇති ආහාරමය වටිනාකම පිළිබඳ අධ්‍යයන ජාත්‍යන්තර සමුළුවක් ලබන අප්‍රේල් 18 වෙනි දින කන්නියා ප්‍රදේශයේ…
අධික උණුසුම් කාලගුණය හේතුවෙන් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදි සිව් දරු පියෙක්. තමයතුරුපැදියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඔහු එය තල්ලු කරමින් සිටියදී ඇද වැටි ,මියගොස් ඇති බවයි වාර්තාවන්නේ. හෘදයේ සෛල මිය යාම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ. පවතින දැඩි උණුසුම් කාලගුණය හමුවේ විශේෂයෙන්ම රෝගීන් වෙහෙසකර කටයුතුවලින් ඈත් වී සිටීමෙන් මෙවැනි හදිසි මියයෑම් අවම කර ගැනීමට හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස මිලාන් ජයතිලක , මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන සහ ඩයනා ගමගේ මහත්මිය පත් කර තිබෙනවා. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් මේ පිලිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
කොස්ගොඩ වතුරවෙල ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපොළක පිහිටි අඩි 22 ක් පමණ ගැඹුරු ළිඳක් ඉසිමින් සිටි දෙදෙනෙක් ලිඳ තුළදී හුස්ම ගැනීමේ අපහසුතාවයකට ලක්ව ක්ලාන්ත තත්වයෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙක් මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ ඇල්පිටියේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකු බවයි කොස්ගොඩ පොලීසිය සඳහන් කලේ. රාත්‍රියේ වැසි ඇතිවන බව කාළගුණ නිවේදන මගින් ප්‍රකාශකර තිබූ නිසා වැස්සෙන් ළිඳ පිරුනොත් ලිඳ ඉස පිරිසිදු කර ගැනීම අපහසුවෙන බැවින් වැඩපොළ හිමියා සේවකයන්ද සමග ඊයේ සවස මෝටරයක් යොදා ළිඳේ තිබූ ජලය ඉවත්කර කිරීමේදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
සීනෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන්. ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් එල්ලවන තර්ජන හමුවේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි සිය ලිපිය මගින් ඒ මහතා සඳහන්කර ඇත්තේ. එමෙන්ම සීනෝර් පදනම පාඩු ලබන අවස්ථාවක තමන් එය ලාභ ලබන තත්වයකට පත් කළ බවද, ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු සඳහන් කර තිබෙනවා.
කැකිරාව ගනේවල්පොල, ඇඹුල්ගස්වැව ප්‍රෙද්ශයේදී සිදුවූ රිය අනතුරකින් පාසැල් සිසුවකු මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව බස්තියන් සිල්වා විද්‍යාලයේ 06 වැනි වසරේ ඉගෙනුම ලැබූ 12හැවිරිදි පාසැල් සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කලේ.. මියගිය සිසුවාගේ මව කලකට ඉහතදී විදේශ ගතව ඇති අතර එම සිසුවා සිය මිත්තනිය භාරයේ සිට අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට ඇති බවයි වාර්තාවන්නේ.
කොළඹ පැවති උද්ගෝෂණයක් අතර තුර අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ තවත් කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ කොළඹ පැවැත්වූ විරෝධතාවයක් අතර තුරදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුනා. එහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේ සැකකරුවන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්දනගර ගටහ කරන ලෙසයි. ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කළ තවත් 5 දෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඔවුන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩලයක එකඟත්වයකට එලඹුන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාව, මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය අංශයේ ස්ථායිතාව සහ පාලනය ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ සම්බන්ෂයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ශක්තිමත් ප්‍රගතිය ඉන් මනාව තහවුරු වන බවයි. මීළග වාරිකය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම පූර්ව යෝජනා ක්‍රියාත්මක කරමින් ඉදිරි මාස දෙක තුළ දී ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තවත් ප්‍රගතියක් අත්කර ගැනීමට සූදානම් බවයි අමාත්‍ය සේමසිංහ මහතා සඳහන් කරන්නේ. 2023 සිව්වන කාර්තුවේදී 4.5% ක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති අතර එය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















