- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
Author: accioAdmin
නාල්ල ,මාලදෙණිය,කිතලවලාව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර ඇතැයි වාර්තා වනවා. අද අලුයම් කාලයේ මෙම ඝාතනයන් සිදුව ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරු නාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ පුත්‍රයා බවයි පොලිසිය සඳහන් කලේ. සැකකරු ඝාතනයට ලක්වූ පවුලේ ක්චාති පුත්‍රයකු වන අතර නාල්ල පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ අරමුණින් 40 හැවිරිදි සැකකරු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අද අලුයම පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව තිබී මුදල් සහ රන් අභරණ තොගයක් සොයාගෙන…
කැකිරාව ශ්‍රාස්ත්‍රවේලී ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවෙකු ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම අවස්ථාවේදී එක් අයෙකු මියගොස් ඇති බව සඳහන්.
වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද සැමරුමක් සංවිධානය කර තිබුනා. එම අවස්ථාවේ අදාළ ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර ඇති බවයි වාර්තාවන්නේ. මේ හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. එහිදී විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
දෙහිවල මුහුදු මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කලේ කොළඹ සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් විරුද්ධ දෙස නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයකත් ගැටී එම අනතුර සිදුව ඇති බවයි. අදාළ මෝටර රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .
අද දිනයේ සිට දේශපාලනඥයන් සහභාගිවන කිසිදු උත්සවයකට සහභාගි නොවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා කියා සිටියේ සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබාදෙන තුරු ඉඩම් ඔප්පු සකස් කිරීම සහ ජාතික හැඳුනුම්පත් ලබාදීමට අදාළ රාජකාරිවලින්ද ඉවත්වන බවයි. හලාවත ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කලා.
බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. වාලච්චේන ධීවර වරායේ සිට කිලෝ මීටර් 47ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අදාළ බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සිදුකරමින් සිටි ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඒ ආසන්යෙන් ගමන් කරමින් තිබූ නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ. වාලච්චේන ධිවර වරායෙන් ධීවර කටයුතු සඳහා අදාළ බහුදින ධීවර යාත්‍රාව මගින් ධිවරයින් පස් දෙනෙකු දියඹට ගොස් තිබුනා. අනතුරින් 47 හැවිරිදි නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දියේ ගිලී මියගොස් ඇති අතර ඔලුවිල් හි පදිංචි ව සිටි 60 හැවිරිදි තවත් පුද්ගලයෙකු…
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොළිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත භාරදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලා. මෙරට වෙසෙන වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම් සංඛ්‍යාව, මිලියන 1.1 ක්. මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ, එක් අයෙකු බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදිය සම්බන්ධයෙන් ද එහිදී සොයා බලන බවයි.
කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතිසි නිකුත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. 2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අට දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට මරණ දණ්ඩනය දී තිබුනා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…
විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය, ආනන්ද කුමාරස්වාමි මාවත පොලීසිය විසින් තාවකාලික ලෙස වසා දමා තිබෙනවා. පලස්තීන යුද්ධයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව සඳහන්.
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන්න පිළිබඳ සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින බව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ දැයි මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලා. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ තමන් ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කිරීමටද සූදානම් බවයි. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැනද ජනාධිපතිවරයා සිය අදහස් පල කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කර ගත හැකි බවයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන ආකාරයට අතිවිශාල ණය කපා හැරීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222













