Author: accioAdmin

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගෙන තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා. මහනායක හිමිවරුන් සමග රටේ ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ ප්‍රගතිශීලී සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා මහනුවර නගර සැලැස්ම උන්නාන්සේලා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

තව කියවන්​න

ගම්පහ කදුබොඩ ආයුර්වේද රෝහල අංග සම්පූර්ණ ස්නායු රෝහලක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එම රෝහලේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කලා. රෝහලේ ප්‍රතිසංස්කරණය සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 90ක්. රාජ්‍ය අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදල් සහ පළාත් සභා අරමුදල් ඊට වැය කෙරෙනවා.

තව කියවන්​න

හසලක , වැල්ගාල ප්‍රදේශයේදී පුපුරනද්‍රව්‍ය තොඟයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දිදුකල වටලිමදියි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් සතුව තිබී ඇමෝනියා කුඩු කිලෝ 01 ග්‍රෑම් 550ක්, සෙන්ටිමීටර් 116ක් දිග සේවා නූලක් සහ ඩෙටනේටර් 03ක් සිය භාරයට ගත බවයි හසලක පොලිසිය පවසන්නේ.පොලීසිය පැවසුවේය.

තව කියවන්​න

ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ ඉදිරි මහ කන්න දෙකක් සඳහා වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර ගොවින් වෙත නොමිලේ ලබා දීමටද තීරණය කර ඇති බවයි. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමත්‍යවරයා මෙම අදහස් පල කලා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම්මාන 160ක් තෝරාගෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස ව්‍යාපෘති ආරම්භ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි. එහි…

තව කියවන්​න

ගම්පොල උලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි දහඅට හැවිරිදි පාසල් සිසුවකු ප⁣⁣තොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් තිබෙනවා. අදාළ සිසුවා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පොළ විභාගය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි අයෙක්. මෙම සිසුවා සිය පියාට අයත් ගිනිඅවියක් භාවිතයෙන් සිය කාමරය තුලදී මෙසේ වෙඩි ප්‍රහාරය එල්ල කරගෙන් ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අදාළ සිසුවා වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවද විභාගය පිළිබඳව අනියත බියකින් පසුවීම හේතුවෙන් මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවද පොලිසිය සැක පල කරනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. අදාළ පැමිණිල්ල අද විභාගයට ගත අවස්ථාවේ කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා අධිකරණය විසින් කල් ලබා දෙනු ලැබුවා. පැමිණිල්ල ජූලි මස 09 වනදා යළි කැඳවීමට නියෝග කළ අධිකරණය එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දිර්ඝ කරන ලෙසත් නියෝග කලා.

තව කියවන්​න

ඉදිරි කන්න දෙකේ දී සියලු වී ගොවීන්ට බංඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් රජය කළ ඉල්ලීමකට අනුව බංඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි. එමෙන්ම කිසිදු පොහොර හිඟයක් රටතුළ නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

තව කියවන්​න

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට මෙම ගුවන්තොටුපොළ මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේයි. හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ ඊට අදාල අනෙකුත් කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා. මෙම කමිටුවේ නිර්දේශ පරිදි හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීමට නියමිතයි.

තව කියවන්​න

යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකු අනතුරකට ලක්ව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සෙබලා නවික යත්‍රාව සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව අතරට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. ඩෙල්ෆ් මුහුදු සීමාවේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු උතුරු නවික විධානයට අයත් යත්‍රාවකට අනවසර ඉන්දීය ධීවර ට්‍රොලර් යත්‍රාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව අදාල යත්‍රාව ඇති ස්ථනයට ගොස් පරික්ෂා කිරීමේදී එහි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සිට ඇති බව සඳහන්. අදාල ඉන්දීය ධීවරයින් නාවික හමුදා බාරයට ගැනීමට උත්සහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ නාවික සෙබලා කංකසන්තුරෙයි ධීවර…

තව කියවන්​න

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසනවා.. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. 73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලැබූ බව පැවැසෙන්නේ අශ්වයා එල්ල කළ පා පහරකින් බව ඇතැම් වාර්තා පැවැසුවත්, ඒ බව නිල වශයෙන් තහවුරු වී නැහැ.

තව කියවන්​න