Author: accioAdmin
වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙරට කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.. ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බවයි එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පැවසුවේ. මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.
දුර්ලභ ගණයේ වාලම්පුරි 03 ක් සමඟ පුද්ගලන් තෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සේරුනුවර නගරයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩ, රඹුකන සහ පස්සර ප්‍රදේශ වල පදිංචි වයස අවුරදු 36 ත් 50 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මේ පිලිබඳ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතාට උපදෙස් ලබා දී ඇති බව සඳහන්. ඇතැම් කුඹුරු හිමියන් තම කුඹුරු වගා කරන ගොවීන් වගා කන්නයක් පාසා වෙනස් කිරීම සිදු කරනු ලබනවා. මේ හේතුවෙන් පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම් වලට බැර කිරීමේ දී යම් ප්‍රමාදයන් සිදුවන බවයි වාර්තා වී ඇත්තේ. මෙවර යල කන්නයේ දී රජය රුපියල් බිලියන 5.4ක් පොහොර මිල දී ගැනීම සඳහා ගොවි…
\ලෝක වෙළද පොළේ බොරතෙල් මිල නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 81 යි ශත 74 ක් ලෙසයි. එය සියයට එකයි දශම බින්දුවයි හතරක ඉහළ යෑමක් බව සඳහන්. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිලද සුලු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. එම තෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් අසූ හයයි ශත තුනක් ලෙස වන අතර එය 1.4%ක ඉහළ යෑමක්.
වීදි සුනඛයෙකුගේ සපාකෑමට ලක්වූ දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේදී පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක්. ප්‍රදේශවාසින් පවසන්නේ පසුගිය 10 වනදා සුනඛයකු විසින් අදාළ දැරිය සපා කමට ලක් කර ඇති බවයි. කෙසේවෙතත් අයගේ මව්පියන් ඇයට ජලභීතිකා එන්නත හෝ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර නොමැති බවයි ඔවුන් පවසන්නේ. සුනඛයාගේ සපාකමෙන් දින කිහිපයකට පසු දැරිය හදිසියේ අසනීපවීම හේතුවෙන් ඇයව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබුනා. එහි ප්‍රතිකාර ලබමින් සිටින අතර අදාළ දැරිය මියගොස් තිබෙනවා.
මගෙන් රටට ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් නිරූපිකාවක් වන පියුමි හංසමාලි මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ පැමිණිල්ල කරන ලද්දේ ද සංජය මහවත්ත මහතා විසින්.
නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ අදාළ වැසිකිලිය වෙත ගිය 72 හැවිරිදි පුද්ගලයෙක් ඒ තුලදීම මියගොස් තිබුනා. එමෙන්ම අද උදැසන කාලයේදී අදාළ වැසිකිලිය වෙත ගිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකුද ඒ තුලදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව විමර්ෂණන කටයුතු සිදු කරන තෙක් එම වැසිකිලිය මුද්‍රා තැබිමට පියවර ගෙන ඇති බව සඳහන්.
යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා බිලිඳියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් තිබෙනවා. බිලිඳියගේ මව විසින් සිය දියණියට කිරී ලබා දී ඇඳෙහි තබා ඇති අතර පසුව ස්වල්ප වේලාවකින් දියණියගේ ප්‍රතිචාරයක් නොමැති වීමෙන් පරික්ෂා කෙට එම අවස්ථාවේදීම තෙලිප්පලෙයි රෝහල වෙතට රැගෙන ගොස් තිබෙනවා. කෙසේ වෙතත් රෝහල වෙතට රැගෙන එන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවට රෝහල් වෛද්‍යවරුන් පවසන්නේ. අනතුරුව දැරිය මරණය සමබන්ධයෙන් සිදුකල මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනවරනය වී ඇත්තේ දැරියට කිරි උගුරේ සිරවීමෙන් හුස්ම ගැනීමට අපහසු වී මෙම මරණය සිදුව ඇති බවටයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය සංවර්ධන සැලසුම සහ එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්‍යන්ත සමාගමේ කළමනාකාරීත්වය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනුයි අදාළ සාකච්ඡා පවත්වා ඇත්තේ. මෙම සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඉන්දියානු ඉන්ධන සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන අතර එහි තෙල් ටැංකි 61 ක් අන්තර්ගත වනවා. මෙම සාකච්ඡාවට අනුව ටැංකි 61හි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට, නල මාර්ග පද්ධතිය සැලසුම් කිරීමට හා අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම රටේ අවශ්‍යතාවය මෙන්ම අපනයන කටයුතු වෙනුවෙන් ඉන්ධන ගබඩාකිරීම සඳහා ටැංකි සංවර්ධනය කිරීම සිදු කිරීම අදියර කිහිපයක් ඔස්සේ සිදු කිරීමටද…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














