- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
Author: accioAdmin
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාලව විනිවිදබාවය සහ සාධාරණත්වය සහතික කිරීම මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේ අරමුණ බව අදාල ගැසට් නිවේදනයේ සඳහන් . ආකාර දෙකක් යටතේ හඳුන්වා දී ඇති මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේදී ඖෂධ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් භාවිතා වන මිල ගණන් , තොරතුරු හා මූලාශ්‍ර භාවිතා කළ යුතු බව සදහන්.
ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙරට පොල් සංගණනයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා සහය ලබා දීමට ඇමරිකාව ඉදිරිපත්ව ඇති බවයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මෙරට දළ වශයෙන් පොල් ගස් මිලියන 70ක් පමණ තිබෙන බවටයි තක්සේරු කර ඇත්තේ. නමුත් පොල් ගස් නිශ්චිතව කොපමණ තිබේ දැයි ගණනය කර නැහැ.
අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා . ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එහි නව මිල රුපියල් 3,690කි. එමෙන්ම කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක්. කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් අඩු කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 694ක් ලෙසයි.
ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළමු එක්සත් ජාතික පක්ෂ කාර්යාලය ඊයේ විවෘත කෙරුනා. එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පා.ම කේ.කේ.පියදාස මහතා විසිනුයි එය විවෘත කෙරුනේ. හැටන් මහජනපොළ වෙලද සංකිර්ණය ඉදිරිපිට නව පක්ෂ කාර්යාලය විවෘත කල අතර, පක්ෂ කාර්යාල විවෘත කිරිමේ අවස්තාවට හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.
කොළඹදී පැවැත්වූ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව හෙට දිනයේදී සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරන බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කලේ ජුලි 02 වැනිදා පස්වරු 2.00ට සෑම පාසලක් ඉදිරිපිටම ගුරු – විදුහල්පතිවරුන් දෙමාපියන් එක්ව විරෝධය පා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටද කටයුතු කරන බවයි.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. හෙට අගවිනිසුරුවරයා ඉදිරියේදී අදාළ දිවුරුම් සිදු කෙරෙනු ඇති. ඒ මහතා හිටපු අගවිනිසුරුවරයකු වන කේ.ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයායි.
තමන් රට වෙනුවෙන් කළ ඇතැම් දෑ තමන්ටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා. තම අසූ වන උපන් දිනය වෙනුවෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි ඇය මේ බව සඳහන් කර ඇත්තේ.
පිළියන්දල බෝකුන්දර හන්දියේ වෙළඳ සලක ගින්නක් හටගෙන තිබෙනවා.. අප වාර්තාකරු සඳහන් කලේ බේකරියක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි . ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ඇති බව සඳහන්.
බස් ගාස්තු අඩුවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කලේ 5%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කර ඇති බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා. මෙම බස් ගාස්තු සංශෝධනයත් සමඟ රුපියල් 30.00ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 2.00කින් අඩුවනු ඇති.
නාගයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් යාපනය, වඩමරච්චි, අලියාවලෙයි ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 46 හැවිරිදි තිදරු මවක්. මෙම කාන්තාව නිවසේ අවශ්‍යතාවයක් සඳහා තල්අතු එකතු කරමින් සිටියදී එක් තල් අත්තක් යට සැඟවී සිටි නාගයෙකු එම කාන්තාවගේ හිසට හා අතට දෂ්ඨ කොට ඇති බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















