Author: accioAdmin

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා පත්කර තිබෙනවා. එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස 06 දෙනෙකු ද පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එහි අනෙකුත් සාමාජිකයන් වන්නේ එම්. සිත්ති මරීනා මොහොමඩ්, .එම්.චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන්, රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජනී නඩරාජපිල්ලෙයි සහ චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්ම මහත්මීන් පිරිසයි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

තව කියවන්​න

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදෙන ලද රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක විසින්. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට නාමයෝජනා ලබාදී වැටුප් රහිත නිවාඩු මත සිටින රාජ්‍ය නිලධාරීන්ට පසුගිය මාර්තු 09 වනදා සිට මේ මස 25 වනදා දක්වා වූ කාලය වැටුප් සහිත නිවාඩු ලෙස සලකා, ඔවුන්ට හිමි මූලික වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසයි එහි දැක්වෙන්නේ.

තව කියවන්​න

අලුත් අවුරුදු සමය ඉලක්ක කර අප්‍රේල් මස 25 වනදා දක්වා දිවයින පුරා ආහාර පරීක්ෂා කිරීමේ වැටලීම් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ඒ සඳහා නිලධාරීන් 3,200 ක් පමණ යොදවා ඇති බවයි.

තව කියවන්​න

උත්සව සමයේදී බීමත් රියදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ හැටහත් දහසක් පොලිස් ස්ථාන වෙත බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කළේ ඉන් හැත්තෑ දහසක් පමණ මේ වන විට බෙදා හැර අවසන් බවයි. උත්සව සමයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම මෙන්ම අනතුරු වළක්වා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ද පොලිසිය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා. එමෙන්ම පාස්කු සතිය වෙනුවෙන් ආරක්ෂාව තරකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

තව කියවන්​න

ලංකා අයි. ඕ. සී ඉන්ධන සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 26 ක ඉන්ධන සැපයුම නතර කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. QR කෝටා ක්‍රමය පිළිපැදීම උල්ලංඝනය කරමින් කටයුතු කරීම හේතුවෙන්. මේ අතර QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන අලෙවි කළ පිරවුම්හල් 40 ක ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු අත්හිටවූ බවද විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියා.

තව කියවන්​න

කෘෂිකර්ම අංශයේ සියලු නිලධාරීන්ගේ දීර්ඝකාලින විදෙස්ගත වීම් වලට අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන නිලධාරීන් මෙම තීරණයට යටත්වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක පුරප්පාඩු රැසක් මේ වනවිට උද්ගතව තිබෙනවා. මෙම තත්වය තුළ අත්දැකීම් බහුල නිලධාරීන් දීර්ඝකාලීනව විදේශ ගතවුවහොත් එය රටේ කෘෂිකාර්මික අංශය කඩාවැටීමට හේතුවක් වනු ඇති බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරමින් සිටියදී ලණුව ගෙලෙහි සිරවී මියගොස් ඇති බව වර්තවනවා. මෙසේ මිගොස් ඇත්තේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ 09 වසරෙහි ඉගෙනුම් ලැබූ 14 හැවිරිදි ඉසුම් හංසන බණ්ඩාර නැමති සිසුවෙක්. මව සහ බාල සොයුරා මල් කැඩීම සඳහා නිවසින් බැහැරට ගොස් සිට ඇති අතර වැඩිමහල් සොයුරිය නානකාමරයේ සිටියදී අදාළ සිසුවා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ. පසුව සිසුවා ළණුවේ සිරවී සිටිනු දැක මව සහ වැඩිමහල් සොයුරිය ළණුව කපා දඹදෙනිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

තව කියවන්​න

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සේවා දිගුව මාර්තු මස 26 වන දා සිට බලපැවැත්වෙන බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ. පොලිස්පතිවරයාට මාස 3 ක කාලයක් සදහා සේවා දිගුවක් ලබා දිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිර්දේශයක් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පසුගියදා ඉදිරිපත් කළ අතර ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වුණා. ඒ අනුවයි මෙම ගැසට් නිවේදනය පළ කර ඇත්තේ.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට නවසීලන්තය අද සමත් වුණා. කාසියේ වාසිය දිනු නවසිලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 141 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 37 යි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 35යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 14 යි පන්දු 4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 146 ක් ලබා තරගය ජයගත්තා. තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා. මේ අද පැවති තරගයෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ…

තව කියවන්​න

ඉන්ධන මිල සහ ගෑස් මිල අඩු වීම හේතුවෙන් එහි සහනය පාරිභෝගිකයින් වෙත ලබා දීමට සියලු ආයතන හිමියන් කටයුතු කළ යුතු බව වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ අනුව ප්‍රාදේශීය සභා මගින් හෝ මැදිහත් වී ජනතාවට සහන සලසන ලෙසටයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න