Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්න 

    ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්න 

    2025-06-30කියවීමට මිනිත්තු 3ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් පසුව අප රටේ පරාටේ නීතිය ක්‍රියාත්මක වී ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බවත් මේ තුළින් අප රටේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් රැසකගේ දේපල වෙන්දේසි වීමට නියමිත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    අප රටේ දළ දේශිය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් 40 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට රැකියා ලබා දෙන්නේ මේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බවත් මේ පරාටේ නීතිය නැවත වරක් ක්‍රියාත්මක කර ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසි වන විට මේ ක්ෂේත්‍රයෙන් දළ දේශීය නිෂ්පාදනයට වෙන දායකත්වය අඩු වෙන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිතිය යුතු බවත් එය සෘජුවම ආර්ථික වර්ධනයට බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සිට පරාටේ නීතිය නැවත සක්‍රීය වීම නිසා නිසා අසරණ වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    වත්මන් රජයත් හිටපු රජයත් කළේ බොරුව සහ රැවටිල්ල විතරයි

    ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ දේපල වෙන්දේසිය හරහා ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටී එය දළ දේශීය නිෂ්පාදනයට බලපානව සේම විරැකියාව වර්ධනය වී අපනයන ප්‍රවර්ධනය වීමට වඩා අපනයන අඩු වීම සිදුවන බවත් පසුගිය රජය මෙන්ම වත්මන් රජය යන ආණ්ඩු දෙකම කළේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මුලා කර රැවටීම බවත් මොවුන් මැතිවරණ ඉලක්ක කර ගෙන පරාටේ නීතිය තාවකාලිකව අවසන් කළත් දැන් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් කිසිවක් නොකරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    රජයේ වගකීම මොවුන් ආරක්ෂා කිරිම

    ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් ඉල්ලා සිටියේ පරාටේ නිතිය තාවකාලිකව අත්හිටුවනවා සේම ණය හා පොලී කපා හැරිමක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අපේක්ෂා කළ බවත් පාස්කු ප්‍රහාරය කොරෝනා කෝවිඩ් හා බංකොලොත්භාවය නිසා මොවුන් අසරණ වූ බවත් එම නිසා මොවුන්ට සහයෝගය ලබා දීම රජයේ වගකීම බවත් මොවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරිම මෙන්ම බොල් ණය කපා හැරිම, පොලියෙන් කොටසක් කපා හැරීම ආදිය සිදු කර මොවුන්ට නැවත ගොඩ ඒමට කාරක ප්‍රාග්ධනයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    2/3ක බලයක් සහ ජනාධිපතිකමක් තියන් ප්‍රශ්නවලින් පැන යන්න එපා

    රජයට මේ ගැටලුවෙන් පැන යා නොහැකි බවත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් මෙන්ම විධායක ජනාධිපති බලයක් ඇති ආණ්ඩුවක් ඇති නිසා ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මේ ගැටලුවට උත්තර හා විසදුම් අපේක්ෂා කරන නිසා මේ ගැටලුවලට පැන යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    රැවටුවා ඇති. විසදුම් ලබා දෙන්න

    එබැවින් බොරුව රැවටීම නතර කර මේවාට විසඳුම් ලබා දෙන ලෙසත් වහාම ක්‍රියාත්මක වන ලෙස සීමාසහිත කාලයකට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරිම අත්හිටුවා ණය ප්‍රතිව්‍යුගත කිරිමක්, බොල් ණය මෙන්ම පොලිය ආදිය කපාහැර මොවුන් ට දිය හැකි සහන ලබා දිය යුතු බවත් බොරු සාකච්ඡා පවත්වා මංමුලාකළ යුගයට තිත තබන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

    පෙර පුව​තදැන් එළැඹ තියෙන්නේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට හොඳම කාලයයි
    ඊළඟ පුව​ත PHOTOS: ඉන්දීය ධීවරයින් 08 ක් සමග යාත්‍රාවක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group