ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිව්වෙනි දිනටත් ක්‍රියාත්මක විම හේතුවෙන් වතුකරයේ සේවා ලාභීන් දැඩි ලෙස පිඩාවට පත් වි ඇත.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිලිබදව නොදත් වතුකරයේ සේවා ලාභීන් තැපැල් කාර්යාලය වෙත පැමිණ ආපසු නිවෙස් කරා යන ආකාරය අද (21) දිනත් දැකගත හැකි අතර පීඩාවට පත් වතුකරයේ සේවා ලාභීන් කියා සිටින්නේ තමන් පීඩාව දරා ගන්නා බවත්, රජයේ තැපැල් සේවකයන් තැපැල් කාර්යාලවල රැදී නොසිට වැටුප් ලබා ගන්නා නිසා ඇගිලි සළකුණ තැබීම අනිවාර්ය කරන ලෙස එම සේවා ලාභීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.