පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරයෙක් අද(07) පස්වරුවේ රෝහල් ගත කළ බව නානුඑය පොලිසිය පවසනවා.
පස්වරු 2.30ට පමණ මෙම අනතුරට සිදුව ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ නානුඔය මංසන්ධියේදීයි.
නානුඔය ප්‍රදේශයේ පාසල් ළමුන් පිරිසක් නානුඔය ඩෙස්පෝඩ් දක්වා ධාවනය කරන අතරතුර නුවරඑළියේ සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.













