
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු – මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ක පමණ තද වැසි ඇති විය හැකියි.එමෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්.














