
කහටගස්දිගිලිය, ලුල්නෑව වැවෙහි මාළු අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය, බේත්කෑව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි ප්‍රථිකාර ලබන බවයි වාර්තා වන්නේ.














