‘AI forTransforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේසහාය ඇතිව දකුණු පළාත් සභාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලවිධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමයන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කළා.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර,ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඩිජිටල් කාර්යසාධක බලකායේ සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ, සමිස අබේසිංහයන මහත්වරුන් ඇතුළු එම ආයතනයේ නිලධාරීහු මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සැපයූවා.