පළාත් තුනක අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වල මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේවෙතත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය බලපා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අධික උෂ්ණත්වයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සදහා ලබාදුන් උපදෙස් මාලාව ඇතැම් පාසල් නොසලකා හැර ඇති බවයි.
ඒ අනුව අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගනීමට සුදුසු පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය යළි පාසල් බළධාරින්ට සිහිකැදවීමක් සිදු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














