
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය ආරම්භ කර තිබෙනවා. ඒ Clean Sri Lanka ජාතික වැඩසටහනේ මූලිකත්වයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයෙන්, දිවයිනේ දුම්රිය ස්ථාන 100ක පහසුකම් වැඩි දියුණු කර, නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේයි. හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානයේ පහසුකම් වැඩි දියුණු කිරීමේ සිහින ගමනාන්ත ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.














