සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනුබද්ධ ආයතනවල අනධ්‍යන සේවකයින් අද පෙරවරුවේ ආරම්භ කල වර්ජනය අවසන් කර තිබෙනවා .
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා පවසන්නේ විශ්වවිද්‍යාල 17 ක මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කල බවයි .
අයවැයේ ඇතැම් යෝජනා හේතුවෙන් විශ්වවිද්‍යාල සේවකයන් මුහුණදී සිටින ගැටලු ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මකව තිබුණා.
ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල පර්යේෂණ කටයුතු, දේශන, සායන හා සිසුන්ගේ අධ්‍යයන කටයුතු සියල්ල ඇනහිට තිබුනා.
ඉදිරි සතියක කාලය තුල අග්‍රාමාත්‍යවරිය සමග විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවට සාකච්චාවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ .
කෙසේ වෙතත් නිසි විසදුම් නොමැති වුවහොත් විශ්ව විද්‍යාල සමස්ත වෘත්තීය සමිති එකාබද්ධව දැවැන්ත වැඩ වර්ජනයක් සිදු කිරීමට සුදානාම් බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සදහන් කළා.