ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නව අණදෙන නිලධාරීයා ලෙස අහමඩ් වහිඩි පත්කර තිබෙනවා.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී ජනරාල් හුසේන් සලාමී ජීවිතක්ෂයට පත් වුණා.
ඒ අනුව මෙම නව පත්කිරීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්න්.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කරමින් ඊශ්‍රායලය මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කළා.
එහිදී ඊශ්‍රායලයේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයයි.
එමෙන්ම ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ විද්‍යාඥයින් රැසක් ද මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී ඇති බව සඳහන්.