රාත්‍රී කාලයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුර සහ කෙටි දුර බස් රථ ඇතුළු සියලුම වාහනවල රියදුන්ගේ විඩාව නිවාගෙන මානසික තත්ත්වය යහපත් මට්ටමෙන් පවත්වාගෙන රිය ධාවනය කිරීමට නියමු ව්‍යාපෘතියක් ඊයේ(15) දින රාත්‍රී වටවල පොලිසිය ඉදිරිපිටදී සිදු කර තිබෙනවා.
වටවල පොලිස්යේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චන්ද ගමගේ මහතා ඇතුළු වටවල පොලිසියේ සියලුම නිලධාරීන් එක්ව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී පොලිසිය ඉදිරිපිටින් ධාවනය වන වාහන නතර කර එම වාහනයේ රියදුරා, කොන්දොස්තරවරයා සහ මගීන් කැඳවා තේ පැන් සංග්‍රහයක් ලබාදීමටයි ඔවුන් කටයුතු කර තිබෙන්නේ.
එසේම රියදුන්ගේ මානසික තත්ත්වය යහපත් මට්ටමක තබා ගැනීමට තේ පැන් සංග්‍රහය භුක්තිවිඳින තෙක් හාස්‍ය රසය උපදවන කෙටි වීඩියෝ පටයක්ද ප්‍රදර්ශන කර තිබෙනවා.
වාහනවල ගමන් ගන්නා මගීන්ට අවහිරයක් නොවන සේ සහ ප්‍රමාදවීමකින් තොරව කෙටි කාලයකින් තේ පැන් සංග්‍රහයක් ලබාදී තිබෙනවා.
වටවල පොලිසිය විසින් මෙම තේපැන් සංග්‍රහය ලබාදීම නිසා තම විඩාව පහව ගිය බවයි වාහනවල රියදුරන් කියා සිටියේ.
හැටන් කොළඹ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ග අධික බෑවුම් සහ වංගු සහිත මාර්ග බැවින් එම මාර්ගවල වාහනය ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙසද රියදුරන්ට පොලිසියේ නිලධාරීන් විසින් දැනුවත් කිරීමක්ද මෙයට සමගාමීව සිදු කර තිබෙනවා.
මෙම අවස්ථාවට හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර සහ සහකාර පොලිස් අධිකාරි 1 නිශ්ශංක ගොමුන්න යන මහත්වරුන්ද එක්ව සිටියා.