
වියට්නාමයේ දකුණු දිග දූපත් ප්‍රදේශය ආශ්‍රිත මුහුදු තීරයේ දී විදෙස් සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 15දෙනෙකු මියගොස් තිබෙනවා. මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් බෝට්ටුව පෙරළී ගොස් ඇති අතර අනතුරට ලක්වූවවන් අතරින් 21දෙනෙකු මුදාගැනීමට සහන සේවකයින් සමත්ව තිබෙනවා. ඉන්දීය ජාතික සංචාරකයින් 32දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු රැගත් එම බෝට්ටුව වෙරළ තීරයට මීටර් 400ක පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ මුහුදු ප්‍රදේශය සංචාරකයින් අතර වඩාත් ප්‍රචලිත ප්‍රදේශයක් ලෙස සැලකෙනවා.














