
මෙරට සහල් පරිභෝජනය බත් සඳහා පමණක් සීමා නොකර සහල් ආශ්‍රිත අනෙකුත් අතුරු නිෂ්පාදන සඳහා ද යොදා ගැනීමෙන් සහල් සඳහා වූ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නව ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින්.
පසුගිය කාලසීමාවේදී මෙරට වී නිෂ්පාදනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් සහල්වලින් වෙනත් නිෂ්පාදන සිදු කිරීම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බවත් සිය රජය විසින් එම ගැසට් නිවේදනය ඉවත් කිරීමට පියවර ගත් බවත් ජනාධිපතවරයා මෙහිදි කියා සිටියා.














