
2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12කට ආසන්න වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. සංචාරක පැමිණීම් හරහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වඩා වැඩි විදේශ විනිමය ආදායමක් මෙරටට උපයා ගැනීමට හැකිවී ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.














