
බන්ධනාගාර ගතකර සිටි භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු තවත් 04 දෙනෙකු අද යළි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රදවා ගැනීමේ නියෝග මත විමර්ශන සිදුකර එම සැකකරුවන් ජූනි මස 26 දින සිට අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණේ. ඒ අනුව සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබාදුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා, මැණික්හින්න පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.














