හමාස් සංවිධානය භාරයේ තිබු ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු 28න් 21ක් ආපසු ලබා දී ඇති බව එම සංවිධානය පවසනවා.
ඊශ්‍රායලයේ රඳවා සිටි පලස්තීන රැඳවියන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට භාර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඊට අමතරව ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා ද මේ වන විට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය ඔක්තෝබර් 10 වනදා සිට ක්‍රියාත්මක වන සටන් විරාම ගිවිසුමේ නියමයන් යටතේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය මෙම ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම සිදු කරනු ලබනවා.











