ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද සිය 74 වැනි සංවත්සරය සමරනු ලබනවා.
ඒ අනුව, එහි සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වුනේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය මුල් කර ගනිමින් ගිටපු අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරනු ලබුවා .
ඒ 1951 වසරේ සැප්තැම්බර් මස 02 වැනිදායි.
එතැන් පටන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට විධායක ජනාධිපතිවරුන් තිදෙනෙකු
මෙවර පැවැත්වෙන 74 වන සංවත්සර උත්සවය ආරම්භ වුනේ එම පක්ෂයේ වතමන් සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
නිදහස් පක්ෂයේ නායකත්වය දැරූ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්ම මහත්මින්ටද මේ සදහා ආරාධනය කර තිබුණා.