ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උතුරු පළාතේ සිදු කරන සංචාරයේ දෙවන දිනය අදයි .
නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ කටයුතු ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදත් සිදු කෙරුණා.
ජනාධිපතිවරයා අද පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් ලෝක පොල් දින සැමරුමට සමගාමීව සිදු කර කප්තුරු සවිය ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා.
ඒ යටතේ යාපනය , මුලතිව් , මන්නාරම උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරිමට නියමිතයි.
ඊට අදාළ උතුරේ පළමු බීජ ගොවිපල පලෙයි නගරයේ ආරම්භ කිරීමටද සැලසුම් යොදා තිබෙනවා.
2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙනවා .
එම ප්‍රමාණය 2027 වසර වනවිට අක්කර පනස් දහසක් දක්වා වැඩි කිරීම අපේක්ෂාවයි.
මෙම උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා මුලතිව්, වට්ටුවාකල් පාලමේ ඉදිකිරී ආරම්භ කිරීමේ අවස්ථාවට ද එක් වීමට නියමිත තිබෙනවා.