ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද දිනයට යෙදී ඇත .
ඉන්දියාවට 1947 වසරේදී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී අගෝස්තු 15 වැනිදාවක එනම් , අද වැනි දිනෙක නිදහස ලැබී තිබේ .
ඉන්දීය රජය මෙවර පවත්වන විශේෂ රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි .
නවදිල්ලියේ රතු බළකොටුවේ දි එම විශේෂ රාජ්‍ය උත්සවය පැවැත්විණි .
අගමැති මෝදි පෙ.ව. 7.30ට ඉන්දීය ජාතික ධජය ඔසවා ජාතිය ඇමතීය .
මෙම රාජ්‍ය උත්සවයේ දී සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට මුල්තැනක් ලබා දී ඇත . ඒ වෙනුවෙන් එම මෙහෙයුමට දායක වූ කිහිප දෙනෙකු වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට එක් කෙරේ