ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් අග්‍රාමාතය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණූමේ සටහනක් පළ කර ඇති අතර වින්දිතයින්ගේ පවුල්වලට වන්දි ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.