පළාත් පාලන ඡන්ද විමසිමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම සැකකරුවන් පසුගිය මාර්තු 3 වන දින සිට අද උදෑසන දක්වා වූ කාලය තුළ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එසේම අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 349 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර වවනියාව – පූන්තෝට්ටම් ප්‍රදේශයේ ජනතාවට ලබා දීමට තිබූ ඡන්ද කාඩ් පත් වෙළඳසැල් හිමියෙකු හරහා බෙදා හැරීමට කටයුතු කළ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.