ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවකරුවන් විසින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, එරට හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් මෙන්ම හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා.
පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කරීම් ඛාන් විසින් හමාස් නායකයින්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සමූල ඝාතනය, මිනීමැරුම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීම, ස්ත්‍රී දූෂණය සහ වධහිංසා පැමිණවීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ .
එමෙන්ම ඊශ්‍රායල් නායකයන්ට එරෙහිව සිවිල් වැසියන්ට හිතාමතාම ප්‍රහාර එල්ල කිරීම, සාගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීම මෙන්ම සමූල ඝාතනය සහ මිනීමැරුම් චෝදනා ද එල්ල කර තිබෙනවා.
මෙම වරෙන්තු බලාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කිරීම ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි සාමාජික රටවල් 124 වෙත පැවරෙනු ඇති බවටයි අනාවරණය වන්නේ