Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25කියවීමට මිනිත්තු 3ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංකීර්ණ බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහ කළමනාකරණය කිරීමට කැපවී සිටින ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ දායකත්වය අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ.

    LTL සමූහයට අනුබද්ධ ලක්දනවි සමාගම, බලශක්ති උත්පාදනය, තාක්ෂණික නවෝත්පාදනය, ජල කළමනාකරණය සහ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ක්ෂේත්‍ර ආවරණය කරමින් ආසියානු බලශක්ති සහ ජල සම්මාන උළෙල 2026 හිදී සම්මාන 5ක් දිනාගත්තේය.

    මෙහිදී යුගදනවි බලාගාරය ප්‍රමුඛව ලක්දනවි සමාගම ලැබූ සම්මාන මෙසේය .

    වසරේ ස්වාධීන විදුලි නිෂ්පාදකයා (Independent Power Producer of the Year)

    වසරේ නවෝත්පාදන බලශක්ති තාක්ෂණය (Innovative Power Technology of the Year – HFO ඉන්ධන රත් කිරීමේ නවෝත්පාදනය වෙනුවෙන්)

    වසරේ ESG වැඩසටහන (ESG Program of the Year)

    ජල තාක්ෂණික විශිෂ්ටතා සම්මානය – කාර්මික (Water Technology Excellence Award – Industrial)

    වසරේ ජල ප්‍රතිභාවිත සහ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය (Water Reuse and Recycling Project of the Year)

    මෙම සම්මාන එකතුව මගින් ක්ෂේත්‍ර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු දැනුමට හිමි ඇගයීම පැහැදිලිව පෙන්නුම් කෙරෙන අතර, LTL සමූහය සිය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධන හැකියාවන් කලාපීය සහ ගෝලීය වෙළඳපොළවල් දක්වා සාර්ථකව ව්‍යාප්ත කර තිබීම ද ඉන් තවදුරටත් තහවුරු වේ.

    නිර්මාණය, ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයේ සමස්ත පද්ධතියම ආවරණය වන මෙම ජයග්‍රහණය ආසියාවම දන්නා ශ්‍රී ලංකාවේ වෘත්තීයභාවයේ සැබෑ ප්‍රතිඵලයකි.

    මේ ආකාරයට මෙරට කීර්ති නාමය සමාගමක් ලෙස ජාත්‍යන්තරය හමුවේ ඉහලින් ඔසවා තබන්නට LTL සමූහය ප්‍රමුඛ ඊට අනුබද්ධ ලක්දනවි සමාගම කටයුතු කළත් සමාජ මාධ්‍ය තුළ මෙන්ම ඇතැම් පාර්ශවයන්ගේ විවේචනය ද එකී සමාගම ලක්වන බව අපගේ නිරීක්ෂණය විය.

    ඊට ආසන්න සිදුවීමක් නම්, පසුගිය දිනවල වාර්තා වූ පුළුල් විදුලි බිඳවැටීමෙන් පසු පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේදී සිදු වූ කාල ප්‍රමාදය සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාය.

    මේ සම්බන්ධයෙන් අප වගකිවයුතු මාධ්‍යක් ලෙස බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති ප්‍රවීණයන් ඇතුළු පාර්ශව කිහිපයකින් අදහස් විමසූ අතර ඒ පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ මෙසේය.

    විදුලි ක්ෂේත්‍රයේ පවතින තාක්ෂණික යථාර්ථය වසන් කරමින් පටු අරමුණු වෙනුවෙන් ඇතැමුන් මෙම චෝදනා නගන බව එම විශ්ලේෂණවලින් පෙන්වා දෙයි. තාප විදුලි බලාගාරයක් යනු ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් නොවන බවත්, එහි බොයිලේරු සහ ටර්බයින් නිසි උෂ්ණත්ව මට්ටම්වලට පැමිණීමට කාලය අවශ්‍ය වන බවත් තාක්ෂණික තොරතුරු පදනම් කරගනිමින් තහවුරු කරයි.

    ග්‍රිඩ් පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම සඳහා පාලක මැදිරියේ දැඩි අධීක්ෂණය යටතේ අදියර ක්‍රමයට විදුලිය සැපයීම සිදු කර ඇති අතර, ඊටපෙර එකවර ධාරිතාව එකතු කළහොත් සමස්ත පද්ධතියම තවත් බිඳවැටීමකට ලක්විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි. එබැවින් එය නිවැරදි ඉංජිනේරු තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ඉවසීමෙන් කළ යුතු කාර්‍යයක් බව ඔවුන්ගේ අදහසයි.

    එසේම තාප බලාගාර සම්බන්ධයෙන් මෙරට සමාජයේ කිඳා බස්සවනු ලැබූ බරපතල මිත්‍යාවන් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව ඇතමුන් කරුනු නිසි ලෙස අවබෝධයක් නොමැතිව තාප බලාගාර ආශ්‍රිත සේවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන නමුත් එය අතාර්කික බවද අවධාරණය කරයි.

    සූර්‍ය බලය, සුළං බලය සහ ජල විදුලිය අඩු පිරිවැය සහිත බලශක්ති මූලාශ්‍ර වුවත් මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කාලගුණික තත්ත්වයන් මත එක්වර අඩාල වන අවස්ථාවලදී ජාතික විදුලි අවශ්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ ප්‍රධාන ශක්තිය වී ඇත්තේ තාප විදුලි බලාගාර බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. ගල් අඟුරු වැනි බලාගාර ලෝකය මේ වන විට සිය බලශක්ති නිෂ්පාදනයෙන් ඈත් කළත්, ඉන්ධන මූලික තාප බලාගාර වල සේවා ලැබීම අඛණ්ඩව සිදුකරන බවද ඔවුන් පවසයි.

    ඔවුන් විශේෂයෙන් සිහිපත් කරන කරුණක් නම් අඩු පිරිවැය සහිත විදුලි නිෂ්පාදනය ආර්ථිකය කෙරෙහි තීරණාත්මක ලෙස වැදගත් වන තරමටම රටක ආර්ථිකය අඩපණ නොවී පවත්වාගෙන යාමට නම් අඛණ්ඩ විදුලි සැපයීමද අත්‍යවශ්‍ය සාධකයක් බවයි. එබැවින් එම කාර්‍ය සේවාව මෙරට තුළ ප්‍රමුකව සිදුකරන බලාගාර ලෙස යුගදනවි සහ සොබාදනවි බලාගාර වල වැදගත්කම ජනතාව තේරුම් ගත යුතු බවද ඔවුන්ගේ පැහැදිලි කිරීම වෙයි.

    අනෙක් අතට විධිමත් නඩත්තු ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතන කිසිදු විටෙක බලහත්කාරයෙන් පද්ධතියට විදුලිය සැපයීමක් සිදු නොකරන බැවින්, සමාජය තුළ පවතින නොදැනුවත්කම ප්‍රයෝජනයට ගනිමින් ගෙන යන අසත්‍ය ප්‍රචාර බැහැර කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

    පෙර පුව​තචාමර සම්පත්ට නඩු 4කට ඇප

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group