
අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් 04 ක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි වලට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (23) නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා විසින් නිකුත් කර තිබුනා. ඒ අනුව සෑම නඩුවක් සඳහා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර සැකකරුවන්ට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා.
මෙම නඩු නැවත ජනවාරි මස 26 වනදා යළි කැඳවන ලෙසද මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.














