
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා 43 වන වියේ පසුවන උගන්ඩා ජාතික පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.මොහු උගන්ඩාවේ එන්ටබේ නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගිල දමා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙනවා. ඉන් පසුව, කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් ඊයේ උදෑසන ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇති අතර, දහවල් වන තෙක් ගුවන් තොටුපොළේ පළමු මහලේ රැඳී සිට තිබෙනවා.














