
රජයේ අස්වැසුම අධාර මුදල් ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයක් වංචාකළ නිලධාරිනියන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කලමනාකරණ සහකාර නිලධාරිනිය සහ වැවිලි ප්‍රජා සන්නිවේදන සහකාර නිලධාරිනියන් දෙදෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. 2024 වර්ෂයේ දිළිඳු ජනතාව සඳහා පලමු අදියරේ ලබා දුන් ආධාර මුදල් සිය ඥාතීන්ගේ ගිණුම් වලට බැර කරමින් මෙම මුදල් වංචාව සිදු කර තිබෙනවා.














