
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට මහේන්ද්‍ර පෙරේරා සමත්ව තිබෙනවා. ඒ ‘රිවර්ස්ටන්‘ චිත්‍රපටය වෙනුවෙන් ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය වෙනුවෙන්. මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තරය තුළ සම්මානනීය වූ දෙවන අවස්ථාව මෙයවීමද විශේෂත්වයක් වනවා. මීට පෙර සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළෙලේදී ද හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා.














