
ජර්මනියේ, බර්ලින් අගනුවර පැවති රැළියකට මෝටර් රථයක් කඩාවැදීමෙන් සිදු අනතුරකින් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, තුවාල ලැබූ පිරිසෙන් ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බවයි. ඉන් අනතුරුව ආරක්ෂක හේතුවක් මත එම ස්ථානයේ පැවැත්වීමට තිබූ උත්සව කටයුතු වහාම නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.













