
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒ අතර පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7දෙනෙකු සිටින බවයි පොලීසිය ප්‍රකාහ කළේ. තිස්සමහාරාම සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී යතුරු පැදියක ගැටී පසුව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබුණේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසු වූ සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.














