
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබෙනවා. ඒ කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධයෙන් එසේම නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන්ද අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බවයි වාර්තා වන්නේ.














