
ආනයන අපනයන ගනුදෙනුවලදී සිදුවන මූල්‍ය වංචාවන් වැළැක්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් පවතින බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවනවා. ඒ ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්. මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන් අපරාධමය වරදකරුවන් ලෙස හසුකරගත හැකි වන පරිදි එම නීතින් සම්පාදනය කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.














