
2026 වසරේ ජාතික සුපිළිපන් සතිය ජූලි 26 සිට 31 දක්වා ප්‍රකාශයට පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති,
සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම 2026 සහ ජාතික සුපිළිපන් සතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. රාජ්‍ය සේවයේ ගුණාත්මක,කාර්යාක්ෂම සහ පිරිසිදු බව ඉහළ නැංවීම මෙන්ම ආදර්ශමත් පරිපාලනයක් ගොඩනැඟීමේ අපේක්ෂාවෙන් මෙය ක්‍රියාත්මකයි.














