උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරීම සඳහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථයේ එන්ජිම අවස්ථා දෙකකදී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පැය හතරකට පසු යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
එම දුම්රිය එන්ජිම පළමුව අද(05) දින හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 105 1/2 සැතපුම් කණුව අසල පීලි පැනීමෙන් පසු එම එන්ජිම පීලිගත කර හැටන් දක්වා ධාවනය කරවන අවස්ථාවේ යළිත් එම දුම්රියේ එන්ජිම හැටන් දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.
පසුව එම එන්ජිමද යළිත් පීලිගත කිරීමෙන් පසුව අද(05) පස්වරු 2ට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථා තත්ත්වයට පත්ව තිබෙනවා.
දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථ එන්ජිම පීලි පැනීම හේතුවෙන් ඔඩිසි, උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන්වල ගමන්ගත් මගීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියා.