පහරදීමක් හේතුවෙන් අඟුලාන ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(27) දහවල් අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගෙස් ඇති බවට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භකර ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් ව කුඩාවස්කඩුව, වාද්දුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය කියා සිටියේ.
මියගිය තරුණිය සහ අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













