නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය, වරකාව දුම්රිය ගේට්ටුව වසා තිබියදී තිබූ කුඩා ඉඩකින් පෞද්ගලික බස් රථයක් අවදානම නොතකා ධාවනය කිරීම සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරුවරයා නාවලපිටිය පොලිසිය විසින් සැකපිට අත්ඩංගුවට ගෙන තිබෙනවා.
ගිනිගත්හේන ලක්ෂපාල ප්‍රදේශයේ සිට මහනුවර දක්වා පසුගිය 17 වැනිදා ධාවනය වූ පෞද්ගලික බස් රථය නාවලපිටිය වරකාව දුම්රිය ගේට්ටුව අසලට පැමිණෙන විටත් ආරක්ෂිත ගේට්ටුව වසා දමා තිබුණේ මහනුවර සිට නාවලපිටිය දක්වා මගී ප්‍රවාහන දුම්රියක් ධාවනය වන බැවිනි.
බස් රථයට ඉදිරියෙන් ත්‍රීරෝද රථ කිහිපයක් රේල් ගේට්ටුව විවෘත කරන තෙකේ නතර කර තිබියදී පෞද්ගලික බස් රථයේ රියදුරා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් රේල් ගේට්ටුවේ තිබූ කුඩා ඉඩකින් බස් රථයේ ධාවනය කර සුළු වේලාවකින් මගී ප්‍රවාහන දුම්රිය ධාවනය වී තිබෙනවා.
එම දර්ශන අසල තිබූ වෙළෙඳ සලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ මුරකරු විසින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
අදාළ පැමිණිල්ල මත එම බස් රථයේ රියදුරුවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති අතර සැකකරුට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පවසනවා.