එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක පක්ෂයක් ලෙස එක්ව කටයුතු කිරීමට ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර ගැනීමට සියලු දෙනා එකට එක්වී කටයුතු කළ යුතු බව කඳුරට ජන පෙරමුණේ නායක සහ දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.
රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව අද(12) කියා සිටියේ හැටන් නගරයේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වී. රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පසුගිය ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන් වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂ දෙකම පරාජය වූ බවයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී පක්ෂ දෙකම එකට එක්වී කටයුතු කිරීම හමුවේ බලය ලබාගැනීමට කටයුතු කළ හැකි බවද රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා පවසනවා.
වතුකරයේ ජනතාව සිටින්නේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය වටා බවත් එම පක්ෂ දෙක වතුකරයේ ජනතාවගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට කටයුතු කළ බවද රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.
පක්ෂ දෙක එකට එකතු වී කටයුතු කිරීම හමුවේ වත්මන් රජයේ ඇතැම් ක්‍රියා කලාපයන්ට විරුද්ධව හඬක් නැගිය හැකි බවත්, පක්ෂයේ නායකයා කවුරුන්ද යන්න ප්‍රශ්නයක් නොකරගෙන එම පක්ෂ දෙකම එකට එක්වී කටයුතු කිරීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනීමට දමිල ප්‍රගතිශීලි සන්ධානයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද වී. රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පවසනවා.