ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද හමුවක් පැවැත්වුණා.
ඒ එරට ටෝකියෝ නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම නිල සංචාරය සදහා සහභාගී වී ඇත්තේ ජපාන රජයේ ආරාධනයකට අනුවයි.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව ජපාන අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කලා.
එමෙන්ම මෙරට ප්‍රතිසංස්කරණ ප්‍රයත්නය සඳහා ජපානය අඛණ්ඩ සහයෝගය දක්වන බවයි එරට අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට හැකි වන පරිදි, ජපානය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ස්තුතිය පළ කරනු ලැබුවා.
දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට දායක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා ලංසු තැබීම නැවත ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟ වූනා.
මෙහිදී දෙපාර්ශ්වය අතර සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධනය කිරීම සහ භෞමික රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීම ඇතුළුව දැනටමත් පවතින යෙන් ණය ව්‍යාපෘති ස්ථාවරව ක්‍රියාත්මක කිරීමේ වැදගත්ම පිළිබදවද කරුණු හුවමාරු වුණා.
දූෂණය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න සඳහා ජපානය අඛණ්ඩව සහයෝගය දැක්වීමට අදහස් කරන බවයි ජපාන අග්‍රාමාත්‍ය ඉෂිබා මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
මෙහිදී සංචාරය අතරතුරදී ලබා දුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති දිසානායක මහතා අග්‍රාමාත්‍ය ඉෂිබා මහතාට සහ ජපාන ජනතාවට කෘතඥතාව පළ කළා.
————————————————————————————————————————–