පසුගිය සමයේ දුර්වල මට්ටමට පත් වූ මෙරට පාර්ලිමේන්තුව නැවත ශක්තිමත් කිරීමේ කාර්යය නව කතානායකවරයා වෙත පැවරී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ, නව කතානායක අශෝක රන්වල මහතා, අගරදගුරු නිල නිවසේ දී හමු වූ අවස්ථාවේදීයි.