රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා .
ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි මස 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එහිදී ඖෂධවල මිල 16% අගයකින් අඩු කිරීමට නියමිතව තිබෙනවා .