ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද ආරම්භ වුණා.
මෙය ලබන 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.
පුරා තෙදිනක් පැවැත්වෙන මෙම සමුළුව සඳහා සත්කාරකත්වය දරණු ලබන්නේ ශ්‍රී ලංකාවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් ඇතුළුව රටවල් 8 ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ තානාපතිවරු ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් ද මෙම සැසිය සඳහා සහභාගි වනවා.
ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය ද මෙහි දී සකස් කරනු ලබනවා.
ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් මගින් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් බිහි කිරීම, දුම්කොළවලට එරෙහිව සටන් කිරීම, මෙම සැසියේ දී සාකච්ඡා කරනු ලබන ප්‍රධාන කරුණු වනවා.