උඩවලව, නෙරළුවකන්ද ප්‍රදේශයේ කඳු රක්ෂිතයේ ගිනි ගැනීමක් හටගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ උඩවලව පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි.
ගින්නෙන් ජීවිත හා දේපල හානි කිසිවක් සිදුව නොමැති බවයි පොලිසිය කියා සිටියේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ඊයේ(17) අලුයම් කාලයේදී හබරණ, හුරුළු රක්ෂිතයේ තලපතකන්ද කැලෑ ප්‍රදේශයක හටගත් ගින්නෙන් අක්කර 80ක් 100ක් අතර භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.
හබරණ පොලිසියේ නිලධාරීන්, අඩවි වන කාර්යාලයේ නිලධාරීන්, වන ජීවි නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ යුද හමුදා නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ නොමැති වී අතර හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.