යාපනය – ඩෙල්ෆ් මුහුදු සීමාවේදී නාවික හමුදා යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් ගැටී සිදුවූ අනතුරකින් ඉන්දීය ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියේ, මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිස සිය භාරයට ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමක් අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය යාත්‍රාවේ ධීවරයින් 4 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු මේ වන විට අතුරුදහන්ව තිබෙනවා.
නාවික හමුදාව සිය භාරයට ගත් ඉන්දීය ධීවරයින් තුන්දෙනා රෝහල් ගත කරන අතරතුර එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ
උණුසුම් පුවත්
- නායයාමේ අිනතුරු ඇගවීම් යාවත්කාලීන කෙරේ
- තංගල්ලේ මත්ද්‍රව්‍ය බෝට්ටුවේ තොරතුරු රැසක් හෙලි වෙයි
- පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
- මෙරට ජාතික උද්ධමනය ඉහළට
- රාජාංගනයේ සහ අංගමුවේ වාන් දොරටු විවෘත කරයි
- Казино – Официальный сайт Pin Up Casino Входи и играй.8331
- ශ්‍රීපාද වන්දනාවාරය ඇරඹීමට පෙර විදුලි බලමණ්ඩලය වැඩට බහියි
- පාස්කු වාර්තා ජනගත කරන්න – කතෝලික සභාව රජයෙන් ඉල්ලයි – VIDEO –












