මෙවර උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි දඹුල්ල ප්‍රදේශයේ ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් සොයාබලා තිබෙනවා.
එහිදී එම ශිෂ්‍යාව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි දෙමාපියන් පියවර ගෙන තිබෙන්නේ.
කෙසේ වෙතත්, ඇය ඒ වන විටත් මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
එම ශිෂ්‍යාව හදිසියේ මෙලෙස ජීවිතක්ෂයට පත්වීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.
දඹුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.










